• කාලීන විග්‍රහය: වගා කටයුතු සඳහා යූරියා වැනි පොහොර හිඟ වීමෙන් ඔස්ට්‍රේලියාවේ අහාර නිෂ්පාදනයත් අවදානම් තත්වයක
    Mar 26 2026
    මැද පෙරදිග පවතින යුධමය වාතාවරණය සහ හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීම යන කාරනා හේතුවෙන් සමස්ථ ලෝකයටම බලාන බලශක්ති හිඟයක් ඇතිවෙමින් පවතිනවා. මෙය දශක ගණනාවකින් ඇතිවන බරපතල බලශක්ති හිඟයක් බව විශේෂඥයින් පවසනවා. නමුත් මේ හරහා ඉන්ධන හිඟයකට එහා ගිය බලපෑම් ලෝකයටම දැනෙන්නට පටන් ගෙන තිබෙනවා. වගාකටයුතු වලදී භාවිතා කරන පොහොර ප්‍රවාහනයටත් බාධා එල්ල වී තිබෙනවා. මේ නිසා කෘෂිකර්මාන්තයටත් දැඩි බාධා එල්ල වී ආහාර හිඟයක් දක්වා මෙය වර්ධනය වීමේ හැකියාවක්ද පවතිනවා. මේ තත්වය ගැන වැඩිදුර තොරතුරු දැනගන්න අද කාලීන විග්‍රහයට සවන් දෙන්න.
    Show more Show less
    9 mins
  • ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර තාක්ෂණික හුවමාරුව හා කේෂ්ත්‍ර අතර සබඳතා දියුණු කිරීම මගේ අරමුණයි - බටහිර ඔස්ට්‍රේලියාවේ නව ශ්‍රී ලංකා ගරු කොන්සල් චිරන්ත වීරවර්ධන
    Mar 25 2026
    බටහිර ඔස්ට්‍රේලියාවේ නව ශ්‍රී ලංකා ගරු කොන්සල් ලෙස ඉංජිනේරු චිරන්ත වීරවර්ධන මහතා පත් වීම් ලැබුවා. මේ SBS සිංහල සේවය ඔහු සමඟ පැවති කෙටි කතාබහ ඇසුරෙන් ‍සැකසූ විශේෂාංගයක්.
    Show more Show less
    9 mins
  • අපේ වහරේ කතා අහුරක්: තණකොළ කපන්න කිතුලට ගිය ගුඩ්ඩා පොල් කට්ටක් අරන් ගියේ ඇයි කියලා දන්නවා ද?
    Mar 26 2026
    අපේ වහරේ එන රස කතා අහුරෙන් සාහිත්‍යවේදී අශෝක පියරත්න අද කියන්න යන්නේ කිතුල් ගහට නැගලා ඉද්දි අයිතිකාරයාගේ අතටම අහු වුණු ගුඩ්ඩා ගැනයි.
    Show more Show less
    4 mins
  • ලොව වටා: ට්‍රම්ප් ගේ සාම සැලැස්මෙන් ලෝක තෙල් මිල පහතට / ළමුන් අනතුරේ දැම්මා යැයි Meta වලට චෝදනා
    Mar 26 2026
    මාධ්‍යවේදී අමල් ජයසිංහ SBS සිංහල සේවය ඔස්සේ ඔබ වෙත ගෙන එන සතියේ විදෙස් පුවත් විග්‍රහය ‘ලොව වටා’ විශේෂාංගය.
    Show more Show less
    8 mins
  • SBS සිංහල පුවත්: ඔක්තෝබර් සිට වික්ටෝරියානු නිවැසියන්ට පැය 3ක් විදුලිය නොමිලයේ
    Mar 26 2026
    ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මාර්තු මස 26වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.
    Show more Show less
    6 mins
  • Think before you pack: Australia’s customs and biosecurity rules explained - ඕස්ට්‍රේලියාවට ගෙන එන ගමන් බෑගයේ පෙර සූදානම: රේගු සහ ජෛව ආරක්ෂණ රීති පිළිබඳ දැනුවත් වෙමු
    Mar 25 2026
    Customs is generally the first point of contact for people entering Australia. Our Border Force Officers are there waiting. They ensure that we don’t bring in prohibited goods that could threaten Australia’s unique environment, economy and communities. Before you zip up your suitcase, here’s what you need to know about what can—and can’t—cross the border, and what’s at stake if biosecurity rules are ignored. - ජෛව ආරක්ෂණය පිළිබඳ ඕස්ට්‍රේලියාව දැඩි සැලකිල්ලක් දක්වනවා. රටේ පරිසරය, ආර්ථිකය සහ මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙනුයි එතරම් දැඩි අවධානයක් මේ වෙනුවෙන් ලබා දෙන්නේ. අන් රටක ඉඳන් එන ගමනේ ඔබ ඔස්ට්‍රේලියාවට ගෙන එන සියලු දේ Incoming Passenger Card නමින් හඳුන්වන කහ පැහැති කාඩ්පතක ලියා දක්වන්නේ ඒ වෙනුවෙන්. එහි සාවද්‍ය තොරතුරු සැපයුවොත් විශාල දඩ මුදලක් ගෙවීමට සිදුවනවා. ඕස්ට්‍රේලියාවට එන ගමන් බෑගයේ ගෙන ආ හැකි දේ පිළිබඳවත්, IPC කාඩ්පතේ පෙන්වා දිය යුතු දේ පිළිබඳවත් අනිවාර්යයෙන් ම දැනුවත් වී සිටිය යුතුයි. මේ තරම් දැඩි ඕස්ට්‍රේලියාවේ ජෛව ආරක්ෂණ සහ රේගු නීති පිළිබඳව ඔබ දැනුවත් ද? ඕස්ට්‍රේලියාවේ ජීවිතය ඔබට පහසු කරවන Australia Explained විශේෂාංගයේ මෙවර අවධානය ඒ වෙනුවෙන්.
    Show more Show less
    10 mins
  • ඕස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අගයන AAUT ජාතික උළෙලේ සම්මාන ලද ආචාර්ය චමිත් විජේනායක
    Mar 25 2026
    ඕස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ඉගැන්වීම වෙනුවෙන් ජාතික මට්ටමෙන් ඇගයීම් සහ සම්මාන පිරිනැමීම් සිදු වෙනවා. එවැනි සම්මානයක් ලෙහෙසියෙන් විශ්වවිද්‍යාලයක ඉගැන්වීමේ කර්තව්‍යයේ නිරත වන්නෙකුට හිමි වෙන්නෙ නැහැ. ඉගැන්වීම් රටා තුළින් විද්‍යාර්ථීන් තුළ වෙනසක් ඇති කළ, තමන්ට වඩා පියවර කිහිපයක් ඔවුන්ව ඉහළින් ඔසවා තැබූ ආචාර්යවරුන්ටයි එවැනි ගෞරවයක් හිමි වන්නේ. ඕස්ට්‍රේලියානු විශ්වවිද්‍යාල පද්ධතිය තුළ එවන් සම්මානයක් ලබමින් සුවිශේෂ කීර්තියක් අත්පත් කරගත් ආචාර්ය චමිත් විජේනායක සමඟ කළ කතාබහට ඔබත් සවන් දෙන්න.
    Show more Show less
    14 mins
  • උසස් අධ්‍යාපනයට ඔස්ට්‍රේලියාවට එන්න අවස්තාව ලැබෙන 'Australia Awards' ශිෂ්‍යත්වය ගැන තොරතුරු මෙන්න
    Mar 25 2026
    ඔබ විදෙස් රටක උසස් අධ්‍යාපනය ලබන්න සිහින දකින කෙනෙක්ද ? එසේනම් Australia Awards කියන මේ ශිෂ්‍යත්ව ඔබට ඉතා වටිනා අවස්තාවක් වෙන්න පුළුවන්. ඔස්ට්‍රේලියානු රජයෙන් 2027 වසර සඳහා පිරිනමන මේ ශිෂ්‍යත්ව ශ්‍රී ලාංකික වෘත්තිකයන් සඳහාද මේ වනවිට විවෘත කර තිබෙනවා. මෙය පූර්ණ ශිෂ්‍යත්ව ප්‍රධානයක් ලෙස තමයි ක්‍රියාත්මක වන්නේ. ශ්‍රී ලංකාවේ අනාගත සංවර්ධන කටයුතු සඳහා දායකත්වයක් ලබා දිය හැකි වෘත්තිකයන් නිර්මාණය කිරීමට සහයදීමක් ලෙසයි මේ ශිෂ්‍යත්ව ප්‍රධාන සිද්ද වෙන්නේ. මේ අවස්තාව සඳහා අයදුම් කිරීමට අප්‍රේල් 30 වෙනිදා දක්වා කාලය ලබා දී තිබෙනවා. මේ සඳහා අයදුම් කරන්න ඉන්නවනම් ඔබ තවමත් ප්‍රමාද නෑ. මේ ගැන ඔබ දැන ගතයුතු කරුණු රැසක් මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.
    Show more Show less
    7 mins